03rd May 2023 10:26:27 Hours
එක්සත් ජනපද පැසිපික් හමුදා විධානයේ ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අණදෙන නිලධාරි මේජර් ජෙනරල් ක්‍රිස් ස්මිත් (Major General Chris Smith) ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිතන් කර්නල් ඇන්තනි සී. නෙල්සන් (Lieutenant Colonel Anthony C. Nelson), දකුණු ආසියාවේ එක්සත් ජනපද යුද්ධ හමුදා පැසිපික් විධානයේ අධ්‍යක්‍ෂ මේජර් ඇන්ඩෘ ටෙරූයා (Major Andrew Teruya) සහ කපිතන් බ්‍රිට්නි ඩේවිස් (Captain Brittney Davis) අඟහරුවාදා (2) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
යුද්ධ හමුදාධිපති සහ සංචාරයේ නිරත දූත පිරිස අතර පැවති සුහද හමුවේදී ආසියානු පැසිපික් විධානයේ වත්මන් ආරක්‍ෂක කටයුතු, ද්විපාර්ශ්වික පුහුණු අවස්ථා තවදුරටත් පුළුල් කිරීම සහ දෙරටෙහි යුද්ධ හමුදාවන් සඳහා බලපානු ලබන අනෙකුත් කරුණු පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ.
සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් සහ සංචාරයේ නිරත ඕස්ට්‍රේලියානු දූත පිරිස අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.
මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්ත දොලගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී සහ පුහුණු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී ද සහභාගී වූහ.