Header

Sri Lanka Army

Defender of the Nation

08th May 2023 08:10:40 Hours

යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ගාලු මුවදොර පිටියේදී භක්ති ගීත වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් වෙසක් සමරුමට සමගාමීව සිය සෞන්දර්ය කුසලතා එළිදක්වමින් පසුගිය සෙනසුරාදා (6) දින ගාලු මුවදොර පිටියේදී භක්ති ගීත වැඩසටහනක් පැවැත්වීය. එම අවස්ථාව සඳහා ගරු ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී ඒකනායක මහතා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියූ, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය, රාජ්‍ය නිලධාරින් සහ ආරාධිතයන් රැසක් ද සහභාගී වූහ.

එදින සන්ධ්‍යාවේ, යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ගාලු මුවදොර පිටියේදී වෙසක් තොරණේ විදුලි පහන් දැල්වීමෙන් අනතුරුව පැවති දන්සැල විවෘත කරනු ලැබීය.