2020-10-02 07:50:08
නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස අභිනවයෙන් පත් වූ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග ඉකුත් බ්‍රහස්පතින්දා (01) දින බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේදී යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය.
2020-10-01 20:58:46
71 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව අනුරාධපුරයේ පැවති ආගමික උත්සවයට සහභාගීවීම සඳහා සපැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, අද (30) දින සාලියපුර ගජබා රෙජිමේන්තුවේ ස්ථාපිත පුහුණු මධ්‍යස්ථානයේ...
2020-10-01 18:06:25
එළඹෙන 71 වන යුද්ධ හමුදා සංවත්සරය හා යුද්ධ හමුදා දිනය නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් අද (01) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී දහසකට අධික යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.
2020-10-01 17:26:36
යුද්ධ හමුදා 71 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන් ඉකුත් බදාදා (30) දින අනුරාධපුර ‘අභිමන්සල - 1’ සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන්ගේ යහපැවැත්ම පිළිබඳ...
2020-10-01 09:53:43
අද (01) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 06 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් 06 දෙනා විදේශයන්හී...
2020-10-01 07:03:43
හිටපු යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් (විශ්‍රාමික) දර්ශන හෙට්ටිආරච්චි ගේ සමීප සම්බන්ධීකරණය මත, පරිත්‍යාගශීලියෙකු වන මොහාන් ශංකර් මහතා සහ එම මහත්මියගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත මලයාලපුරම් සහ කිළිනොච්චි, ආනවිලන්දන්කුලම් ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් දෙකක් වෙනුවෙන් නව නිවාස දෙකක් ඉඳිකිරීමට කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ලබාදුන් උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් කටයුතු කළ අතර එලෙස ඉඳිකරනු ලැබූ එම නිවාස ද්විත්වය ඉකුත් ඉරිදා (27) දින පැවති උත්සව අවස්ථාවන් දෙකකදී එම නිවාසලාභීන් වෙත භාරදීමට කටයුතු කරනු ලැබිණි.
2020-09-29 22:30:11
‘ජනපති ගම සමග පිලිසඳර’ ව්‍යාපෘතිය යටතේ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් ඉකුත් සිකුරාදා (25) දින බදුල්ල හල්දුම්මුල්ල ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරිමට අවශ්‍ය තාක්ෂණික සහයෝගය සහ ශ්‍රමදායකත්වය ලබාදුන්හ.
2020-09-29 19:20:11
තියාහි පුණ්‍යායතනයේ (Thiyahie Charitable Trust) නිර්මාතෘ වාමදේව තියාගේන්ද්‍රන් මහතා ලබා දුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංක මූලස්ථානය විසින් කෝපායි ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් ඉදිකරනු ලැබූ ‘සංහිඳියා කේන්ද්‍රීය මධ්‍යස්ථානය’ (Harmony Centre) ඉකුත් අඟහරුවාදා (29) දින පැවති උත්සවයකදී විවෘත කරනු ලැබිණි.
2020-09-29 16:31:20
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකය යටතේ ඇති 552 වන බලසේනාවට අයත් 12 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (29) දින අයියකච්චි සිට කිලිනොච්චිය දෙසට දිවෙන මාර්ගයේ ප්‍රවාහනය කරමින් තිබු කේරල ගංජා කිලෝග්‍රෑම් 2ක් අලිමංකඩ යුද්ධ හමුදා මුරපොලේදී භටපිරිස් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
2020-09-29 14:01:20
ද (30) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 11 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් 11 දෙනා විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර ඔවුන් අතරින්...