Header

Sri Lanka Army

Defender of the Nation

29th September 2020 16:31:20 Hours

යුද්ධ හමුදා භටපිරිස් තවත් කහ සහ ගංජා තොගයක් අත්අඩංගුවට ගනිති

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකය යටතේ ඇති 552 වන බලසේනාවට අයත් 12 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (29) දින අයියකච්චි සිට කිලිනොච්චිය දෙසට දිවෙන මාර්ගයේ ප්‍රවාහනය කරමින් තිබු කේරල ගංජා කිලෝග‍්‍රෑම් 2ක් අලිමංකඩ යුද්ධ හමුදා මුරපොලේදී භටපිරිස් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

යුද්ධ හමුදා මුරපොලේදී ගංජා සමගින් අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්‍ෂණ සඳහා පලාලි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මේ අතර, ලද බුද්ධි තොරතුරකට අනුව 54 වන සේනාංකයේ බුද්ධි අංශයේ සාමාජිකයන් සහ 3 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව කොන්ඩච්චි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කැලෑවක් තුළ සඟවා තිබු මළු 10 ක කහ කිලෝග්‍රෑම් 434 ක් සොයා ගෙන තිබේ. එහි වටිනාකම රුපියල් මිලියන 1.73 ක් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්‍ෂණ පැවැත්වේ. Nike Sneakers | Nike Dunk - Collection - Sb-roscoff