Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2020 07:03:43 Hours

අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් තවත් නිවාස දෙකක් ඉඳිකිරීමට කිළිනොච්චි භටපිරිස් කටයුතු කරයි

හිටපු යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් (විශ්‍රාමික) දර්ශන හෙට්ටිආරච්චි ගේ සමීප සම්බන්ධීකරණය මත, පරිත්‍යාගශීලියෙකු වන මොහාන් ශංකර් මහතා සහ එම මහත්මියගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත මලයාලපුරම් සහ කිළිනොච්චි, ආනවිලන්දන්කුලම් ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් දෙකක් වෙනුවෙන් නව නිවාස දෙකක් ඉඳිකිරීමට කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ලබාදුන් උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් කටයුතු කළ අතර එලෙස ඉඳිකරනු ලැබූ එම නිවාස ද්විත්වය ඉකුත් ඉරිදා (27) දින පැවති උත්සව අවස්ථාවන් දෙකකදී එම නිවාසලාභීන් වෙත භාරදීමට කටයුතු කරනු ලැබිණි.

ප්‍රතිසන්ධානය, සුහදත්වය සහ සමගිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිදුකරනු ලබන මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය වෙනුවෙන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 9 වන සහ 20 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් සිය ශ්‍රම දායකත්වය සපයනු ලැබූහ. මෙම නව නිවාස වලින් එක් නිවාසලාභියෙකු වන අංක 49, මලයාලපුරම්, කිලිනොච්චි ලිපිනයේ පදිංචි සෙන්ගානන් රාජේශ්වරී (Sengannan Rajeshwaree) ඇතුළු සිය පවුලේ සාමාජිකයින් මෙන්ම අක්කරායන්කුලම්, ආනවිලන්දන්කුලම් ප්‍රදේශයේ පදිංචි තිරුචෙල්වම් සුවෙන්දිරම් (Thiruchelvam Suwendiram) ඇතුළු සිය පවුලේ සාමාජිකයින් දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණදෙමින් ජීවත් වූ අතර 9 වන සහ 20 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් එම නිවාසහිමියන්ට අවශ්‍ය ගෘහ භාණ්ඩ තොගයක් ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට ද සිය පෞද්ගලික මුදලින් අනුග්‍රාහකත්වය දැක්වූහ.

හින්දු ආගමික සම්ප්‍රදායානුකූලව පැවති මෙම සමාරම්භක උත්සවයන් හී ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ සහ පරිත්‍යාගශීලීන් මෙන්ම 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ටිකිරි දිසානායක, 572 වන, 652 වන සහ 573 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, 9 වන සහ 20 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු වල අණදෙන නිලධාරින් ඇතුළු මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් දායකත්වය දැක්වූ අනෙකුත් නිලධාරින් විසින් සමරු ඵලක නිරාවරණය කර එම ප්‍රතිලාභීන් වෙත නව නිවාස ද්විත්වය භාරදෙනු ලැබූහ. Adidas shoes | Air Jordan 1 Mid - Collection - Sb-roscoff