Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2020 17:26:36 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් ප්‍රකාරව ජ්‍යේෂ්ඨ නිලධාරින් සුවතා නිකේතනවල නේවාසික වීරෝධාර රණවිරුවන්ගේ සුවදුක් විමසා බලති

යුද්ධ හමුදා 71 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන් ඉකුත් බදාදා (30) දින අනුරාධපුර ‘අභිමන්සල - 1’ සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන්ගේ යහපැවැත්ම පිළිබඳ සොයාබැලීමේ අරමුණින්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සිදුකළ සංචාරයට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන් ගේ උපදෙස් පරිදි තවත් ජ්‍යේෂ්ඨ නිලධාරින් රැසක් රාගම රණවිරු සෙවන, අත්තිඩිය මිහිඳු සෙත් මැඳුර, කුඹුරුපිටිය ‘අභිමන්සල - 2’ සහ පාන්ගොල්ල ‘අභිමන්සල - 3’ සුවතා නිකේතනයන්හී සංචාරයක නිරත වූහ.

මෙහිදී, මේජර් ජෙනරල් ජයශාන්ත ගමගේ සමඟින් 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් තිලක් හන්ගිලිපොල, යුද්ධ හමුදා සුභසාධන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩී.පී. ජයසිංහ, නියෝජ්‍ය සුභසාධන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඒ.කේ. රාජපක්‍ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු 30 වන අඟහරුවාදා දින රාගම පිහිටි රණවිරු සෙවන සුවතා නිකේතනය වෙත ගොස් එම රණවිරුවන්ගේ සුවදුක් විමසූ අතර එම වීරෝධාර රණවිරුවන් වෙත ත්‍යාගයන් ද පිරිනැමූහ.

මේ අතර, යුධෝපකරණ මාස්ටර් ජෙනරල් මේජර් ජෙනරල් චන්දන මාරසිංහ සමඟින් ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් අදීප තිලකරත්න, අධ්‍යක්‍ෂ ජෙනරල් පාබල බ්‍රිගේඩියර් ශ්‍රීනාත් ආරියසිංහ ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු මිහිඳු සෙත් මැදුරෙහී නේවාසික රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමට එම මධ්‍යස්ථානය වෙත සංචාරය කළහ.

එමෙන්ම, 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජය වනසිංහ සහ 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කීර්ති කෝට්ටවත්ත ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු කඹුරුපිටියේ පිහිටි ‘අභිමන්සල - 2’ හි නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් ගේ සුවදුක් විමසීම වෙනුවෙන් එම මධ්‍යස්ථානය වෙත යනු ලැබූහ.

එමෙන්ම, යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් නිශාන්ත හේරත් සමඟින් 11 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සාරද සමරකෝණ් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු පාන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි ‘අභිමන්සල - 3’ වෙත ගොස් එහි නේවාසික රණවිරුවන් ගේ සුවදුක් විමසා සතුටු සාමිචියෙන් අනතුරුව ඔවුන් වෙත තෑගි පාර්සල් රැසක් ද බෙදා දුන්හ.

මෙම සංචාරයන් අතරතුරදී, ජ්‍යෙෂ්ඨ නිලධාරින් එම සුවතා නිකේතනයන්හී වෙසෙන රැඳවියන් සමඟින් සුහඳ පිළිසඳරක නිරත වෙමින් ඔවුන්ගේ සුභසාධනය, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පිළිබඳව මෙන්ම එම රණවිරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව වෙන් වෙන්ව විමසූ අතර ඔවුන්ට දක්වන ලබැඳියාව සංකේතවත් කරනු වස් එම රණවිරුවන් සමඟින් දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වීමට ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් කටයුතු කළහ. Best Sneakers | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger