Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2020 09:53:43 Hours

විදේශගතව සිට මෙරටට පැමිණි තවත් පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බව කොවිඩ් - 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි

අද (01) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 06 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් 06 දෙනා විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර ඔවුන් අතරින් එක් පුද්ගලයෙකු (01) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ කොළඹ ඕෂෝ හෝටල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි ඉන්දියානු ජාතික සිවිල් නාවිකයෙකු (01) ගාල්ල ෆෙයාර් වේ සන්සෙට් හෝටල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද, ඕමාන් සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් (02) ගන්නෝරුව සහ කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානයන් වලින් ද, ඇමරිකාවේ සිට පැමිණි එක් පුද්ගලයෙක් (01) වැලිසර ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානය තුළින් වාර්තා වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (01) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 650 දෙනෙකු වේ.

අද (01) දින උදෑසන EY 264 දරණ මගී ගුවන් යානය මගින් අබුඩාබි සිට පුද්ගලයින් 18 දෙනෙකු ද, QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 303 දෙනෙක් සහ 6E 9034 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ චෙන්නායි සිට පුද්ගලයින් 11 දෙනෙකු මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණි පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (01) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 19 දෙනෙකු තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත. ඒ අනුව, හොටෙල් ජෙට්වින් බීච් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 06 දෙනෙකු ද, ආයුර්වේද රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 04 දෙනෙකු සහ විඩත්තපලේ නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 09 දෙනෙකු වශයෙන් වේ.

අද (01) දිනය වනවිට පුද්ගලයින් 47,102 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (01) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 78 ක් තුළ පුද්ගලයින් 7,052 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (30) දිනය තුලදී PCR පරික්‍ෂණ 1640 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 287,864 ප්‍රමාණයක් සිදුකර ඇත.

අද (01) දින උදෑසන 0600 වනවිට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටි කිසිදු පුද්ගලයෙකු රෝහල්වලින් පිටව ගොස් නොමැත.

එසේම, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 648 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 02 දෙනෙකු වේ. latest jordans | Sneakers