Header

Sri Lanka Army

Defender of the Nation

29th September 2020 22:30:11 Hours

දැඩි දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් වෙත නව නිවහනක් ඉදිකිරිමට යුද්ධ හමුදා භටපිරිස් සහයෝගය ලබාදෙති

‘ජනපති ගම සමග පිලිසඳර’ ව්‍යාපෘතිය යටතේ මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් ඉකුත් සිකුරාදා (25) දින බදුල්ල හල්දුම්මුල්ල ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරිමට අවශ්‍ය තාක්‍ෂණික සහයෝගය සහ ශ්‍රමදායකත්වය ලබාදුන්හ.

මෙහිදී, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ලබාදුන් උපදෙස් මත එම දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවනු ලබන පවුල් සාමාජිකයින් වෙනුවෙන් නව නිවසක් ඉදිකර දීමට මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් කටයුතු කළහ. මෙම නිවාසලාභී පවුල් සාමාජිකයින් මින් පෙර වාසය කළ නිවස වන අලි ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් තවදුරටත් එහි වාසය කිරීමට නොහැකි අයුරින් අලාභ හානි සිදුවී තිබිණි.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කීර්ති කොස්තා එම පවුල වෙනුවෙන් නව නිවස ඉදිකරදීමට අවශ්‍ය තාක්‍ෂණික සහ ඉංජිනේරු සහය ලබාදී මූලිකත්වය ගෙන කටයුතු කරන අතර ඒ අනුව, මෙම නිවස කඩිනමින් සාදා නිමකොට නිවාසලාභීන් වෙත පවරාදීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවති. best Running shoes | Women's Nike Superrep