Header

Sri Lanka Army

Defender of the Nation

29th September 2020 19:20:11 Hours

15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් කෝපායි ප්‍රදේශයේ ඉදිකළ නව ‘සංහිඳයා කේන්ද්‍රය’ විවෘත කරති

තියාහි පුණ්‍යායතනයේ (Thiyahie Charitable Trust) නිර්මාතෘ වාමදේව තියාගේන්ද්‍රන් මහතා ලබා දුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංක මූලස්ථානය විසින් කෝපායි ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් ඉදිකරනු ලැබූ ‘සංහිඳියා කේන්ද්‍රීය මධ්‍යස්ථානය’ (Harmony Centre) ඉකුත් අඟහරුවාදා (29) දින පැවති උත්සවයකදී විවෘත කරනු ලැබිණි.

511 වන බලසේනාව යටතේ ස්ථාපිත 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් සිදුකරනු ලබන ප්‍රජා මූලික ව්‍යාපෘතින්හී තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් ඉදිකරනු ලැබූ මෙම නව උපයෝගිතා මධ්‍යස්ථානය අනුග්‍රාහක භවතුන්ගේ සහභාගිත්වයෙන් ‘අපි එක්ව අවදි වෙමු’ යන තේමාව යටතේ ආරම්භ කෙරුණු අතර 51 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් යුතුව පාසල් හැරගිය තරුණ තරුණයින් ඇතුළු සියළු වයස් කාණ්ඩයන්ට මෙම මධ්‍යස්ථානය තුලදී සෞන්දර්ය, තොරතුරු තාක්‍ෂණ, ප්‍රජා සෞඛ්‍ය, අධ්‍යාපන, මැහුම්, සන්නිවේදන, ළමා හා කාන්තා කටයුතු, නර්තන, ආගමික හා සංස්කෘතික කටයුතු, කෘෂිකර්ම, ආපදා කළමනාකරණ, ක්‍රීඩා, වෘත්තීය පුහුණු ක්‍රමවේදයන්, වඩු වැඩ ආදී විවිධ ක්ෂේත්‍රයන් ආවරණය වන පරිද්දෙන් මහජනතාව වෙනුවෙන් පහසුකම් සැලසීමට මෙම මධ්‍යස්ථානය තුල සියළු කටයුතු සූදානම් කර ඇත.

යාපනය අර්ධද්වීපයේ අවශ්‍යතා සහිත සිවිල් වැසියන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් සිවිල් - හමුදා සහයෝගීතා ව්‍යාපෘතියක් දියත් කිරීමට දායක වූ ‘තියාහි පුණ්‍යායතනයේ’ නිර්මාතෘ වාමදේව තියාගේන්ද්‍රන් මහතා තවදුරටත් සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පසුගිය වසර කිහිපය තුළ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව කෝපායි ප්‍රදේශයේ නව ‘සංහිඳියා කේන්ද්‍රීය මධ්‍යස්ථානය’ ඉදිකිරීම වෙනුවෙන් ඉඩම් සහ අමුද්‍රව්‍ය මිලදී ගැනීමට මූල්‍යමය අනුග්‍රහකත්වය දැක්විය. නව ‘සංහිඳියා කේන්ද්‍රීය මධ්‍යස්ථානයේ’ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් තියාහි පුණ්‍යායතනය රුපියල් මිලියන 1.5 ක් පමණ මුදලක් වැය කර ඇත.

මෙම මධ්‍යස්ථානයේ සමාරම්භය සනිටුහන් කරමින් එම මධ්‍යස්ථානයේ පැවැත්වීමට සැලසුම් කර ඇති විවිධ පාඨමාලා සඳහා ළමුන් කිහිපදෙනෙකු බඳවාගනු ලැබීය. එම අවස්ථාව වෙනුවෙන් සහභාගී වූවන් දිරිගැන්වීමේ අරමුණින් සංකේතාත්මක වශයෙන් ත්‍යාගයන් කිහිපයක් බෙදාදීමද එහිදී සිදුවන ලදී. යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර ගේ ආශිර්වාදය ඇතිව විවෘත කරනු ලැබූ ‘සංහිඳියා කේන්ද්‍රීය මධ්‍යස්ථානය’ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් එම අවස්ථාව වෙනුවෙන් සහභාගී වූ 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලලිත් රත්නායක සහ ධානපති වාමදේව තියාගේන්ද්‍රන් මහතා විසින් විවෘත කරනු ලැබූහ.

මෙම සමාරම්භක අවස්ථාව වෙනුවෙන් ප්‍රජා නායකයින් කිහිපදෙනෙකු, පුහුණුවන්නන්, ගුරුවරුන්, යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද සහභාගී වූහ. url clone | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth