2021-02-03 13:20:59
64 වන සේනාංකයේ භටපිරිස් වෙනුවෙන් මනෝවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු විසින් පසුගිය සෙනසුරාදා (30) දින මනෝවිද්‍යාත්මක දේශනයක් පැවැත්වූයේය.
2021-02-03 12:21:59
යාපනය ප්‍රදේශයේ ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමේ අරමුණින් පොදු ස්ථාන පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත පැවැත්විය. එය ප්‍රදේශයේ පොලිස් නිලධාරින්, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, යාපනය ඩෙංගු මර්ධන ඒකකයේ නිලධාරින්, යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් සහ සිවිල් වැසියන් එක්ව පසුගිය අඟහරුවාදා (02) දින ක්‍රියාත්මක කරන ලදී.
2021-02-03 12:00:59
66 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස පසුගිය දා රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරල් අජිත් දිසානායක පෙබරවාරි මස 01 දින 662 වන බලසේනා මුලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 20 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය.
2021-02-03 11:21:59
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන තවත් එක් හමුවක් (02) දින පැවැත්විණ. ඒ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය...
2021-02-03 10:21:59
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේදී කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ තවත් එක් සාකච්ඡාවක් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි මෙන්ම 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (02) දින පැවැත්විණි.
2021-02-03 09:21:59
අද (04) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 711 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ.
2021-02-02 20:51:08
වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන හිටපු නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චින්තක ගමගේ වෙත ගෞරවාචාර පිරිනැමීමේ උත්සවය පසුගිය බදාදා (28) දින සිය රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ට ගෞරවාචාර පිරිනැමීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් එක්ව සිටියහ.
2021-02-01 17:31:02
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි හම්බේගමුව ප්‍රාථමික විද්‍යාලයීය ක්‍රීඩාපිටිය සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු යුද්ධ හමුදා ඉංජිනේරු භටපිරිස් විසින් පසුගිය 31 වන දින...
2021-02-01 17:18:02
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් මොණරාගල ප්‍රදේශයේ පිහිටි 121 වන බලසේනාවේ භටපිරිස් පසුගියදා යාල්වෙල ගල්ගේ ආරණ්‍ය සේනාසන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරන ලදී. මෙම ශ්‍රමදාන වැඩසටහන අතරතුර, වන රක්ෂිත ප්‍රදේශයක පිහිටි මෙම ආරණ්‍ය සේනාසනය වෙත ගමන් ගන්නා මාර්ගය...
2021-02-01 17:15:02
අද (03) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 715 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන්...