Header

Sri Lanka Army

Defender of the Nation

03rd February 2021 12:21:59 Hours

යාපනය ප්‍රදේශයේ ඩෙංගු පැතිරීම වැළැක්වීම වෙනුවෙන් පොදු ස්ථාන පිරිසිදු කෙරේ

යාපනය ප්‍රදේශයේ ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමේ අරමුණින් පොදු ස්ථාන පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත පැවැත්විය. එය ප්‍රදේශයේ පොලිස් නිලධාරින්, මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්, යාපනය ඩෙංගු මර්ධන ඒකකයේ නිලධාරින්, යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් සහ සිවිල් වැසියන් එක්ව පසුගිය අඟහරුවාදා (02) දින ක්‍රියාත්මක කරන ලදී.

73 වන ජාතික නිදහස් දිනයට සමගාමීව 51, 52 සහ 55 වන සේනාංක විසින් මෙම ශ්‍රමදාන වැඩසටහන සංවිධානය කරන ලදී. යාපනය අර්ධද්වීපයේ හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් අතර පවතින සහයෝගීතාවය තවදුරටත් පිළිබිඹු කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. best Running shoes brand | Women's Nike Air Max 270 trainers - Latest Releases