Header

Sri Lanka Army

Defender of the Nation

03rd February 2021 12:00:59 Hours

66 වන සේනාංකයේ නව සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ සංචාරයක

66 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස පසුගිය දා රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරල් අජිත් දිසානායක පෙබරවාරි මස 01 දින 662 වන බලසේනා මුලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 20 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය.

662 වන බලසේනා මුලස්ථානය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් චමින්ද ලියනගේ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 20 වන ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමූහ. ඉන් අනතුරුව, එම බලසේනාවේ බලසේනාධිපති සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරින් විසින් සිය බලප්‍රදේශයේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ සේනාංකාධිපතිතුමන් දැනුවත් කළහ.

භටපිරිස් ඇමතූ සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව එම බලසේනාව යටතේ ස්ථාපිත ඒකක සංචාරයක නිරත විය. Asics shoes | NIKE RUNNING SALE