Header

Sri Lanka Army

Defender of the Nation

02nd February 2021 20:51:08 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ට සිය රෙජිමේන්තුවේ ගෞරවාචාර

වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන හිටපු නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චින්තක ගමගේ වෙත ගෞරවාචාර පිරිනැමීමේ උත්සවය පසුගිය බදාදා (28) දින සිය රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ට ගෞරවාචාර පිරිනැමීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් එක්ව සිටියහ.

මේජර් ජෙනරල් චින්තක ගමගේ, ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් මංගල මායාදුන්න විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත පිරිනැමූහ. ඉන් අනතුරුව, රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුදකළ එතුමන්ට වර්ණවත් සම්මාන මුරයේ ගෞරවාචාරය ද පිරිනැමූහ. පසුව පැවති සියලුනිල තේ පැන් සංග්‍රහයට එක්වූ යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් එම අවස්ථාවට එක්ව සිටි නිලධාරින් සහ සෙසුනිලයින් සමගින් සුහදව අදහස් හුවමාරු කරගත්තේය. රෙජිමේන්තු මූලස්ථානයේ පැවති සමුගැනීමේ උත්සවය අවසානයේ නිලධාරින් සහ සෙසුනිලයින් මාර්ගය දෙපස පෙළ සැදී නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ට ගෞරවාචාරය පිරිනැමූහ.

වර්ෂ 1986 මාර්තු මස 19 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක් වූ මේජර් ජෙනරල් චින්තක ගමගේ වර්ෂ 1987 පෙබරවාරි මස 21 දින අධිකාරියට පත්විය. වසර 35 කට අධික යුද්ධ හමුදා දිවිය තුළ එතුමන් උසස් තනතුරු රැසක් හොබවා ඇත. latest jordan Sneakers | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092