Header

Sri Lanka Army

Defender of the Nation

03rd February 2021 11:21:59 Hours

නිරෝධායන ක්‍රියාවලියේ සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන තවත් එක් හමුවක් (02) දින පැවැත්විණ. ඒ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදා-ධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙනි. මෙම හමුවට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බළකායේ පාර්ශවකරුවන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් සහභාගී වූහ.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම හමුව අමතමින් පසුගිය දින පහ තුළ පමණක් නව රෝගීන් 800 කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති බවත් ඉන් බහුතරය කොළඹ, ගම්පහ සහ මහනුවර යන ප්‍රදේශවලින් වාර්ථා වී ඇති බවත් ප්‍රකාශ කළේය. එසේම, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ශ්‍රී ලංකාවට කළමණාකරනය කරගත හැකි පරිදි විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වීමට කටයුතු කළ බවත් පසුගිය සතිය තුළ එක් දිනකට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 500 – 800 ත් අතර ප්‍රමාණයක් මෙරටට ගෙන්වාගත් බවද කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පැවසීය. එසේම, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කටයුතුවල පෙරමුණේ කටයුතු කරන යුද්ධ හමුදා භටපිරිස් අතර AstraZeneca Covidshield එන්නත් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන අතර එක් දිනකට 7000 කට අධික එන්නත් ප්‍රමාණයක් එන්නත් කළ බවද ප්‍රකාශ කළේය. එසේම, එහි පළමු අදියරේ එන්නත් කිරීමේ කටයුතු අවසන් වෙමින් පවතින බව ද එතුමන් පැවසීය. වියට්නාම් යුද්ධ හමුදාවේ ඉදිරි පෙළ විශේෂඥයින් අතර වීඩියෝ සම්මන්ත්‍රණයක් පැවැත්වූ බවද එහිදී, නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම පළ වූ අදහස් බොහෝ සෙයින් සමාන වූ බව ද කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පැවසීය. මේ වනවිට පවතින නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳ කරුණු සමාලෝචනය කර ඒ සඳහා විශේෂ කමිටුවක් පත් කරමින් එම ක්‍රියාමාර්ගය තවදුරටත් වැඩිදියුණු කිරීම කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි වශයෙන් තමාගේ අවශ්‍යතාවය බවද එතුමන් පැවසීය.

එසේම, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙම හමුවේදී රෝගීන් මුදාහැරීම පිළිබඳ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ අතර දින 10 කට පසු රෝග ලක්‍ෂණ සහිත රෝගීන් මුදා හැරීමටත් ඉන්පසු දින 14 ක අනිවාර්ය නිවෙස් නිරෝධායනයට ඔවුන් යොමුකළ යුතු බවත් එතුමන් මෙම හමුවේදී ප්‍රකාශ කළේය. මේ වනවිට සිදුකරනු ලබන එන්නත් කිරීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වය, අහඹු ලෙස සිදුකරනු ලබන PCR පරීක්‍ෂණ, රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල රෝගීන් කළමනාකරණය කිරීමේ වත්මන් තත්ත්වය, නිරෝධායන මධ්‍යස්ථාන වෙත ආසාදිතයින් යොමුකිරීමේ දුෂ්කරතා, කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ වත්මන් තත්ත්වය, අවදානම් තත්ත්වය හේතුවෙන් ජනතාව විශාල ප්‍රමාණයක් එකට මුණගැසීම සීමාකිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සහ නැවත විදේශගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වාගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම වැනි කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.

තවද, ආසාදිතයින් හඳුනාගැනීමේදී කාර්ය සාධක බලකාය ගන්නා ක්‍රියාමාර්ග සහ හදිසි පියවරයන් පිළිබඳව වැඩිදුරටත් කරුණු සාකච්ඡා කරන ලදී. එමෙන්ම, හුදකලා කර ඇති ප්‍රදේශ සහ ස්ථාන කළමනාකරණය කිරීම, වෛරසය නව ප්‍රදේශවලට පැතිරයාම වැළැක්වීම, මහජනයාගේ චර්යා රටාවන්, හුදකලා ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම ආදී කරුණු රැසක් මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි. short url link | Women's Nike Superrep