Header

Sri Lanka Army

Defender of the Nation

01st February 2021 17:15:02 Hours

ගතවු පැය 24 තුළ දේශීයව හඳනාගත් ආසාදිතයින් සංඛ්‍යාය 715 දෙනෙක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (03) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 715 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 261 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 142 ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 61 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 251 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (03) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 61,710 ක් වේ. ඉන් පුද්ගලයින් 56,945 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (03) දින උදෑසන වනවිට, පෑලියගොඩ මතස්‍ය වෙළඳපොල පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 58,651 ක් ලෙස වාර්ථා වන අතර මෙරට කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් 65,697 ක් වේ. ඉන් පුද්ගලයින් 59,042 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇති අතර අද (03) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,325 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (03) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 968 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (03) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇත. ඔවුන් වැලිගම, කොළඹ 15, කොළඹ 02, වත්තේගම, නිට්ටඹුව, ගෙලිඔය සහ රාගම යන ප්‍රදේශයින්හී පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (03) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 330 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (03) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 93 ක් තුළ පුද්ගලයින් 7,406 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

ඊයේ (02) දිනය තුල PCR පරික්‍ෂණ 12,340 ක් සිදුකර ඇත. Running sneakers | Nike Air Max 270