2021-03-24 16:13:33
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් එම ප්‍රදේශයේ පාසල් සිසුන් 250 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ පොත්පත් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (20) දින එම ප්‍රදේශයේදී සිදු කරන ලදී.
2021-03-24 15:00:33
ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ කනිෂ්ඨ නිලධාරී භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 17 හදාරන ශිෂ්‍ය නිලධාරීන් පසුගියදා ත්‍රිකුණාමලයේ නාවික හා සමුද්‍රීය විශ්වවිද්‍යාලයේ සහ නාවික කෞතුකාගාරයේ සංචාරයක නිරතවූහ.
2021-03-24 14:50:33
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ, 652 වන බලසේනාවේ සහ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නියුතු භටපිරිස් එක්ව සිරද්ධිකුලම් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සිසු සිසුවියන් දිරිමත් කරමින් තෝරාගත් සිසුන් 16 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීම පසුගියදා සිදුකෙරිණි.
2021-03-24 14:40:33
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ඉකුත් අඟහරුවාදා (23) දින 4 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ ක්ෂේත්‍ර සංචාරයක නිරතවෙමින් එහි කාර්යභාර්ය පිළිබඳ දැනුවත් වූයේය.
2021-03-24 14:13:33
ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) සාමාජිකයින් පිරිසක් ඉකුත් බදාදා (17) දින වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර හමුවිය.
2021-03-24 14:00:33
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ඉකුත් අඟහරුවාදා (23) දින කැළණිය ප්‍රදේශයේ පිහිටි 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ සංචාරයක නිරත වූයේය.
2021-03-24 13:50:33
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ 23 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර ‘අභිමංසල-1’ සුවසහන නිකේතනයේ නේවාසිකව ප්‍රතිකර ලබන රණක්ෂිතයට පත් වීරෝදාර රණවිරුවන්ගේ අවශ්‍යතාවයන් සොයා බැලීම සඳහා ඉකුත් අඟහරුවාදා (23) දින එහි නිරීක්ෂණය චාරිකාවක නිරත වූයේය.
2021-03-24 12:13:33
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 641 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 14 වන සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවමින් ...
2021-03-24 09:13:33
54 වන සේනාංකයේ සේවයෙන් නියුතු යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසක් ඉකුත් අඟහරුවාදා (23) දින මන්නාරම මූර් වීදියේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අනවසරයෙන් ලග තබාගෙන සිටි කහ කි.ග්‍රෑම් 100 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
2021-03-23 21:23:33
කිලිනොච්චි ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ හැකියාව පිළිබඳ සොයාබැලීමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ පසුගිය සඳුදා (22) දින ‘මාස් ඉන්ටිමේට්ස් වීඩියල්’ (MAS Intimates Vidiyal) ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සංචාරයක නිරත වූයේය.