Header

Sri Lanka Army

Defender of the Nation

24th March 2021 14:50:33 Hours

විවිධ දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය හඳාරන සිරද්ධිකුලම් විද්‍යාලයේ සිසුන්ට පාසල් උපකරණ බෙදාදෙයි

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ, 652 වන බලසේනාවේ සහ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නියුතු භටපිරිස් එක්ව සිරද්ධිකුලම් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සිසු සිසුවියන් දිරිමත් කරමින් තෝරාගත් සිසුන් 16 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීම පසුගියදා සිදුකෙරිණි.

භටපිරිස් විසින් අනුග්‍රාහකත්වය දැක්වූ මෙම පරිත්‍යාගය සඳහා විද්‍යාලයේ ගුරුවරුන් විසින් ප්‍රාථමික පංතිවල අධ්‍යාපනය හදාරණ අඩුආදායම්ලාභි පවුල්වල සිසුන් තෝරාගන්නා ලදී. මෙම අවස්ථාවට 652 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.එම්.යු. හේරත්, 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී, 652 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී, ගුරුවරුන් සහ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහභාගි වූහ. Buy Sneakers | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival