Header

Sri Lanka Army

Defender of the Nation

24th March 2021 16:13:33 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් එම ප්‍රදේශයේ පාසල් සිසුන් 250 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ පොත්පත් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (20) දින එම ප්‍රදේශයේදී සිදු කරන ලදී.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී කාර්යාලය විසින් ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන් වෙත පාසල් උපකරණ බෙදාදීම සඳහා රත්නපුර, කුරුවිට ප්‍රදේශයේ පදිංචි පවුලක් විසින් අනුග්‍රාහකත්වය ලබාදුන්නේය. මේ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් සමන් ලියනගේ විසින් සිදුකළේය.

මෙම වැඩසටහන කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් ලාල් කිත්සිරි විසින් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහභාගි විය. තවද, මෙම අවස්ථාවට කුරුවිට පදිංචි පරිත්‍යාගශීලි තරංගා මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින් ද සහභාගි වූහ. latest Running Sneakers | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp