Header

Sri Lanka Army

Defender of the Nation

24th March 2021 15:00:33 Hours

ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සිසුන් අධ්‍යයන චාරිකාවක

ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ කනිෂ්ඨ නිලධාරී භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 17 හදාරන ශිෂ්‍ය නිලධාරීන් පසුගියදා ත්‍රිකුණාමලයේ නාවික හා සමුද්‍රීය විශ්වවිද්‍යාලයේ සහ නාවික කෞතුකාගාරයේ සංචාරයක නිරතවූහ.  

විශ්වවිද්‍යාලයේ කාර්යභාරය පිළිබඳව නාවික නිලධාරීන් විසින් දේශනයක් පවත්වමින් නාවික භඨකාර්ය සම්පාදනය, ගබඩා කළමනාකරණය, භඨකාර්ය කළමනාකරණය සහ වෙනත් අදාළ විෂයයන් පිළිබඳව පැහැදිලි කළහ. නව වෙරළාරක්‍ෂක නාවික නෞකාවක් වන ‘සමුද්‍ර’ නෞකාව පිළිබඳව ද දැනුමක් ලබාගැනීමට ශිෂ්‍ය නිලධාරීන්ට අවස්ථාවක් ලැබිණ.

නාවික විශ්වවිද්‍යාලයේ සේනාවිධායක විසින් ශිෂ්‍ය නිලධාරීන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හා නාවික හමුදා භටපියින්ගේ සැපයුම්දාම කළමනාකරණය පිළිබඳ සාකච්ඡා කළේය. මෙම සංචාරයට යුද්ධ හමුදා භටකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජේ.ආර්.එස්.කේ. ජයසේකර, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයින් ඇතුළු තවත් නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. latest Nike Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ