Header

Sri Lanka Army

Defender of the Nation

24th March 2021 14:00:33 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ඉකුත් අඟහරුවාදා (23) දින කැළණිය ප්‍රදේශයේ පිහිටි 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ සංචාරයක නිරත වූයේය.

2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකය වෙත සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන සේනාවිධායක එම ඒකකයේ අණදෙනනිලධාරී මේජර්ඩබ්ලිව්.එම්.එස්කුමාර විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයද එතුමන් වෙත පිරිනැමීය.

කඳවුරු පරිශ්‍රයේ සංචාරය කළ සේනාවිධායක එහි පරිපාලන හා සැපයුම් කටයුතු පිළිබඳ කරුණු සාකච්ඡා කළේය.පසුව භටපිරිස් ඇමතූ එතුමන් බලඇණියේ වැදගත්කම පිළිබඳ භටපිරිස් දැනුවත් කළේය. 

ඉන් අනතුරුව එම ඒකක පරිශ්‍රයේ පිහිටි කෞතුකාගාරය නැරඹු එතුමන්එම සංචාරය සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් භඨකාර්ය සම්පාදන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පරිපාලන, බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේකර්නල් සම්බන්ධීකරණ නිලධාරී, 14 වන සේනාංකයේ කර්නල් සම්බන්ධීකරන නිලධාරීන්, ශ්‍රී ලංකා පාබල හමුදාවේ සම්බන්ධීකරණ නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ. trace affiliate link | Air Jordan Release Dates 2021 Updated , Gov