Header

Sri Lanka Army

Defender of the Nation

24th March 2021 12:13:33 Hours

යුද්ධ හමුදා භටපිරිස් මුලතිව් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට පාසල් උපකරණ බෙදාදෙති

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 641 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 14 වන සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවමින් මණ්නකන්ඩාල් දමිළ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන් 50 දෙනෙකු වෙත පාසල් උපකරණ තොගයක් පසුගිය සඳුදා (22) දින බෙදාදෙන ලදී.

මෙම වැඩසටහන සඳහා 641 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජනක් ජයවර්ධන, 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, අනෙකුත් නිලධාරින්, සෙසුනිලයින්, මණ්නකන්ඩාල් දමිළ ප්‍රාථමික විදුහලේ විදුහල්පති සහ ගුරුවරුන් ද එක්වූහ.

මෙලෙස පාසල් සිසුන් වෙත බෙදාදුන් පාසල් උපකරණ අභ්‍යාස පොත්, කියවීමේ පොත්, ලිපිද්‍රව්‍ය ඇතුලු තවත් පාසල් උපකරණ රැසකින් සමන්විත විය. url clone | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK