Header

Sri Lanka Army

Defender of the Nation

24th March 2021 14:40:33 Hours

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති 4 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් හමුවේ

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ඉකුත් අඟහරුවාදා (23) දින 4 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ ක්‍ෂේත්‍ර සංචාරයක නිරතවෙමින් එහි කාර්යභාර්ය පිළිබඳ දැනුවත් වූයේය.

4 වන ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත සපැමිණි ආඥාපතිතුමන් වෙත භටපිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමිමෙන් අනතුරුව එම ඒකකයේ අණදෙන නිලධාරී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගත්තේය. අනතුරුව එම සංචාරය සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ එතුමන් පසුව භටපිරිස් ඇමතීය.

අනතුරුව සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට එක් වූ එතුමන් 4 වන ශ්‍රී ලංකා සංඥා බලකා සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබූහ. Running Sneakers | Zapatillas de running Nike - Mujer