2021-09-12 12:00:02
ඇටඹගස්කඩ, කිරිවෙහෙරගම ශ්‍රී දන්ත ධාතු රජමහා විහාරස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද ඝණ්ඨාර කුළුන එම විහාරස්ථානයේ මෙන්ම කිරිවෙහෙර රජමහ විහාරස්ථානයේ විහාරාධිපති කළ්‍යාණ තිස්සාභිධාන හිමියන්ගේ ආරාධනයට අනුව ඉකුත් බ්‍රහස්පතින්දා (9) දින ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ගේ සුතින් විවෘත කරන ලදී.
2021-09-12 11:00:02
මොස්කව්හිදී 7 වන වරටත් පැවැත්වු ‘ජාත්‍යන්තර යුද්ධ හමුදා ක්‍රීඩා -2021’, සංස්කෘතික තරඟාවලියේ හමුදා සංස්කෘතික කාණ්ඩය යටතේ පැවති තරඟ ඉසව්වෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ප්‍රථම වරට යුද්ධ හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායම ‘දක්ෂතම කණ්ඩායම සඳහා වූ ග්‍රෑන්ඩ් ප්‍රීක්ස්’ (Grand Prix) සම්මානය ඇතුළුව තවත් සම්මාන කිහිපයක් දිනාගන්නා ලදී.
2021-09-12 10:00:02
112 වන බලසේනාව යටතේ ස්ථාපිත 3 වන (ස්වෙච්ඡා) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් 2021 සැප්තැම්බර් මස 10 දින විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමිවන විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයන ලදී. මීට පෙරද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් මේ අයුරින් සපයා ඇත.
2021-09-10 23:30:55
දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායෙන් බිහිවූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි මේජර් ජෙනරල් ශිරන්ත දිසානායක ඉකුත් සිකුරාදා (10) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී...
2021-09-10 23:16:09
නිවෙස්වල ප්‍රතිකාර ලබන කොවිඩ් - 19 ආසාදිතයින්ගේ බහුලත්වය සහ ඔවුන් වෙත පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සමඟ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය එක්ව 1904 අංකය සහ අංක 247 යන...
2021-09-10 21:00:26
මොණරාගල දිස්ත්‍රික්කයේ හොරොම්බුව වන රක්ෂිතයේ දරගොඩ කන්ද වනාන්තරයේ හදිසියේ ඇතිවූ ලැව්ගින්න පාලනය කිරිම සඳහා මහජනතාව ඉකුත් සිකුරාදා (10) දින 121 වන බලසේනාවේ බලසේනාධිපතිගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් තොරතුරු ලද විගස ක්‍රියාත්මක වූ භටපිරිස් සීඝ්රයෙන් පැතිර යන ගින්න නිවාදැමීමට කටයුතු කළහ.
2021-09-10 20:00:26
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සහ ඉංජිනේරු සේවා බලකාය වෙනුවෙන් මහත් සේවයක් ඉටුකරමින් වසර 34 ක යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් සහ ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් රත්නසිරි ගනේගොඩ සිය ධූරයෙන් නික්මයාමේ උත්සවය ඉකුත් සිකුරාදා (10) දින පනාගොඩ පිහිටි ඉංජිනේරු සේවා බලකා මුලස්ථානයේදී පැවැත්විණි.
2021-09-10 16:00:18
යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ත්‍රිවිධ හමුදාවේ සහ විදේශීය හමුදාවන්හී සහභාගීත්වයෙන් සිදුකරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර XI – 2021’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) ඉකුත් අඟහරුවාදා (07) දින නැගෙනහිර ආසියානු විමුක්ති සටන්කාමීන්ගෙන් (East Asian Liberation Fighters') මොරගහකන්ද වේල්ල නිදහස් කර ගැනීමේ පුහුණු නිදර්ශණ ක්‍රියාන්විතයක්...
2021-09-10 15:10:26
නුවරඑළිය, ඩන්සිනන් වතුයායේ දර එකතු කරමින් සිටියදී පසුගිය ඉරිදා (5) දින පස්වරුවේ සිට අතුරුදන් වූ ජේ. බලන් කත්මුණ තරණි නැමති 25 හැවිරිදි තරුණිය සොයා මෙහෙයුමක් දියත් කරන ලදී. 3 වන ශ්‍රී සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු සහ...
2021-09-10 12:30:53
කොවිඩ්-19 වෛරස් තත්ත්වය තුරන් කිරිමේ අරමුණින් යාපනය, ශ්‍රී නාග විහාරයේදී විශේෂ බෝධිපූජා පිංකමක් හා සෙත්පිරිත් සජ්ඣායනාවක් සහ නල්ලූර්, කෛලාසන්දර්, වඩිවම්බිහේයි ශිවම් කෝවිල් පරිශ්‍රයේදී ආශීර්වාද පූජාවක් ඉකුත් බ්‍රහස්පතින්දා (9) දින පවත්වන ලදී.