12th September 2021 12:00:02 Hours
ඇටඹගස්කඩ, කිරිවෙහෙරගම ශ්‍රී දන්ත ධාතු රජමහා විහාරස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද ඝණ්ඨාර කුළුන එම විහාරස්ථානයේ මෙන්ම කිරිවෙහෙර රජමහ විහාරස්ථානයේ විහාරාධිපති කළ්‍යාණ තිස්සාභිධාන හිමියන්ගේ ආරාධනයට අනුව ඉකුත් බ්‍රහස්පතින්දා (9) දින ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ගේ සුතින් විවෘත කරන ලදී.
නව ඝාණ්ඨාර කුළුනේ ඉදිකිරිම් කටයුතු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 7 සහ 21 වන බලඇණිවල භටපිරිස් විසින් සිදුකරන ලදී.
ඝණ්ඨාර කුළුන විවෘත කිරිමේ උත්සව අවස්ථාව සඳහා 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලක්සිරි පෙරේරා, 563 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා සහ එම බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, ලුතිනන් කර්නල් එම්.ඒ.සී.පී මාරසිංහ, 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එම්.පී.එස්.කේ නිල්මල්ගොඩ, සහ 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එම්.ඒ.ජේ.එම් පෙරේරා ඇතුලු භටපිරිසක් සහභාගී වූහ. මෙම වැඩසටහන පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනකූලව පවත්වන ලදී.