Header

Sri Lanka Army

Defender of the Nation

10th September 2021 12:30:53 Hours

යාපනයේදී රටට සෙත්පතා ආශීර්වාද පිංකම් මාලාවක්

කොවිඩ්-19 වෛරස් තත්ත්වය තුරන් කිරිමේ අරමුණින් යාපනය, ශ්‍රී නාග විහාරයේදී විශේෂ බෝධිපූජා පිංකමක් හා සෙත්පිරිත් සජ්ඣායනාවක් සහ නල්ලූර්, කෛලාසන්දර්, වඩිවම්බිහේයි ශිවම් කෝවිල් පරිශ්‍රයේදී ආශීර්වාද පූජාවක් ඉකුත් බ්‍රහස්පතින්දා (9) දින පවත්වන ලදී.

මෙම විශේෂ පිංකම් මාලාව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ මඟපෙන්වීම යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් විසින් මෙම පිංකම සංවිධානය කරන ලදී.

ප්‍රථමයෙන්, නල්ලූර්, කෛලාසන්දර් වඩිවම්බිහේයි ශිවම් කෝවිල් පරිශ්‍රයේදී පූජකයින් විසින් රටට සෙත්පතා විශේෂ පූජාවක් පැවැත්වූ අතර ඉන් අනතුරුව සන්ධ්‍යාවේ යාපනය ශ්‍රී නාග විහාර පරිශ්‍රයේදී රටට සහ මහජනතාවට ආශීර්වාද පතා රාත්‍රිය පුරා සෙත්පිරිත් සජ්ඣායනාවක් පවත්වා පසුදා උදෑසන මහා සංඝරත්නය උදෙසා හීල්දානය පූජාකරන ලදී. මෙම උතුම් පුණ්‍ය කටයුත්ත ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.