10th September 2021 23:16:09 Hours
නිවෙස්වල ප්‍රතිකාර ලබන කොවිඩ් - 19 ආසාදිතයින්ගේ බහුලත්වය සහ ඔවුන් වෙත පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සමඟ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය එක්ව 1904 අංකය සහ අංක 247 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වී දිවයින පුරා ස්ථාපිත කර ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් අවශ්‍ය ප්‍රතිකාර කටයුතු ලබාගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල සාර්ථකව සිදුවන බව පැවසු කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක මහතා එහි කළමනාකරණ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරිමේ අරමුණින් ඉකුත් සිකුරාදා (10) දින කොවිඩ් - 19 ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය ඔක්සිමාපක (Oximeters) 200 ක් පරිත්‍යාග කරන ලදී.
එම ඔක්සිමාපක (Oximeters) ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නිල වශයෙන් භාරගන්නා ලදී. කොවිඩ්-19 වෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කිරිමේදී ඔක්සිමාපක (Oximeters) වැදගත් කාර්යභාරයක් ඉටුකරන අතර මූල්‍යමය හේතූන් මත බොහෝ දෙනෙකුට නියමිත වේලාවට රුධිරගත ඔක්සිජන් ප්‍රතිශතය මැනගැනීමට නොහැකිවීම බරපතල ශ්වසන රෝග හෝ මරණයට පවා හේතු වන බව නිරීක්‍ෂණය වී ඇත.
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සමග සාකච්ඡා කිරිම මගින් අවශ්‍යතා සහිත පවුල් වෙත බෙදාහැරීම සඳහා ඔක්සිමාපක (Oximeters) 250 ක් පමණ පරිත්‍යාග කර ලදී. තවද, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සමග සාකච්ඡා කර ප්‍රතිකාර කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් ආරම්භ කළ 1904 අංකය ඇමතීමෙන් කොවිඩ් - 19 වෛරසය සම්බන්ධ උපදෙස් හා අවශ්‍ය වෛද්‍ය පහසුකම් සහ ඖෂධ සපයා ගැනීමට හැකියාව පවති.
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නිවෙස් පදනම් කරගත් කළමනාකරණ පද්ධතියක් යටතේ ආසාදිත පවුල් සාමාජිකයින්ගේ රුධිර ඔක්සිජන් මට්ටම නිරීක්‍ෂණය කිරීමට උපකාර වන මෙම පරිත්‍යාගය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සහ එහි සියලුම සාමාජිකයින් වෙත ස්තූතිය පුදකළේය.
මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ප්‍රසාද් කටුලන්ද සහ මහාචාර්ය අජිත් මළලසේකර යන මහත්වරු සහභාගී වූහ.