Header

Sri Lanka Army

Defender of the Nation

10th September 2021 23:30:55 Hours

නුදුරේදි විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ශිරන්ත දිසානායකගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායෙන් බිහිවූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි මේජර් ජෙනරල් ශිරන්ත දිසානායක ඉකුත් සිකුරාදා (10) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙම සුහද හමුවේදී, අතීත මතකයන් පිළිබඳ සිහිපත් කරමින් නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ශිරන්ත දිසානායක සමග සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන්, වසර 34 ක යුද්ධ හමුදා සේවා කාලය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ප්‍රවර්ධනය වෙනුවෙන් සිදුකළ කැපකිරිම් පිළිබද සිහිපත් කරමින් නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අනාගත සැලසුම් පිළිබඳ කරුණු විමසමින් විශ්‍රාම දිවියට සුභපැතුම් එක් කළේය.

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ශිරන්ත දිසානායක ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ප්‍රධාන තනතුරු රැසක් හොඹවන ලදී.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් ශිරන්ත දිසානායක සිය රාජකාරී කාල සීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම පිළිබදව සිය කෘතඥතාවය මෙහිදි පුද කළේය. දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සේවය කර නුඳුරේදි විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විශේෂ සමරුතිළිණයක් ද ප්‍රදානය කළේය.