Header

Sri Lanka Army

Defender of the Nation

12th September 2021 10:00:02 Hours

112 වන බලසේනාවේ භටපිරිස් විශ්‍රාමික පුරවැසියන්ට විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයති

112 වන බලසේනාව යටතේ ස්ථාපිත 3 වන (ස්වෙච්ඡා) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් 2021 සැප්තැම්බර් මස 10 දින විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමිවන විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයන ලදී. මීට පෙරද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් මේ අයුරින් සපයා ඇත.

ඒ අනුව, 112 වන බලසේනාවේ භටපිරිස් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරීන්ගේ සම්බන්ධීකරණය ඇතිව බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල යුද්ධ හමුදා සහ ශ්‍රී ලංකා ගමානගමන මණ්ඩලයේ බස්රථ මගින් පවතින සෞඛාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අදාළ ස්ථාන වෙත රැගෙන යන ලදී.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සහ 11 වන සේනාංකයේ අධීක්‍ෂණය යටතේ 112 වන බලසේනාව යටතේ ඇති ඒකකයන්හී අණදෙන නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් පවත්වන ලදී.