2018-07-09 12:27:28
මොණරාගල දිස්ත්‍රික්කයේ දෙගලරඹ ප්‍රදේශයේ සෙනසුරාදා (07) දින හදිසියේ ඇතිවූ ලැව්ගින්න මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 121 වන බලසේනාවේ සේවයේ නියුතු භට පිරිස් යුහුසුළුව එම ස්ථානයට ළඟාවී ගින්න ව්‍යාප්තවීම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී. මේ පිළිබඳ සැලවීමත් සමඟ 18 වන ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් කඩිනමින් එම ස්ථානයට ළගාවී පැය දෙකක් තුලදී ගින්න ව්‍යාප්තවීම පාලනය කිරීමට සමත්විය.
2018-07-09 12:26:27
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ සංකල්පයකට අනුව එම ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් මෙම වසරේ අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා කලා සහ වාණිජ අංශයෙන් පෙනීසිටින සිසුන් වෙනුවෙන් ජූලි මස 3 සහ 4 දෙදින සම්මන්ත්‍රණයක් වවුනියාව, පුතුකුලම් මහා විද්‍යාලයේ දී පවත්වන ලදී.
2018-07-09 12:16:07
57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත කිලිනොච්චි ප්‍රදේශයේ පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාවන් ඇතුළු තරුණියන් 400 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් සෙනසුරාදා (07) දින ඉරණමඩු නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී ‘රූපලාවන්‍ය’ වැඩමුළුවක් පවත්වනු ලැබීය.
2018-07-09 11:03:36
විජයබාහු පාබල රෙජිමේන්තු අන්තර් බළඇණි මළල ක්‍රීඩා උළෙල - 2018 ජූලි මස 03 දින සිට 5 දින දක්වා බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය. මෙම මළල ක්‍රීඩා උළෙලේ සමාරම්භය ජූලි මස 3 දින ඕලිම්පික් පහන දැල්වීමේන් අනතුරුව ප්‍රකාශයට පත් කරන ලදි. එදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්. ආරියසිංහ සහභාගි විය.
2018-07-09 10:52:29
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නව නිර්මාණ සහ කුසලතා විදහා දැක්වීම වෙනුවෙන් බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් නිර්මාණය කළ නව නිපැයුම් ඇතුලත් ප්‍රදර්ශනයක් එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත සිකුරාදා (06) දින බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පවත්වන ලදි.
2018-07-09 10:15:33
කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රධාන ආරක්ෂක සම්බන්ධිකරණ නිලධාරි 143 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පාලිත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ දී ආරක්ෂක කමිටු සාකච්ඡාවක් සෙනසුරාදා (07) දින පැවැත්විණි.
2018-07-09 10:00:33
22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඩෙංගු මර්ධනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් එන්.ඒ.ඒ. පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (02) දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදි.
2018-07-07 07:44:30
2018 - ආරක්ෂක සේවා පිහිනුම් තරඟාවලියේ අවසන් තරඟ සිකුරාදා (06) දින පැවැති අතර, එහිදි පැවැති පිහිනුම් තරඟ ඉසව් 35 න් රන් පදක්කම් 30 ක් හිමිකරගැනීමට යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්විය. රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා පිහිනුම්.....
2018-07-06 19:56:21
අනුරාධපුර, සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තුවට අයත් ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී තුවල ලබා රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා පසුගියදා සේනපුර කඳවුරු පරිශ්‍රයේ දී ජල චිකිත්සක නව පිහිනුම් තටාකයක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි.
2018-07-06 18:56:21
ශ්‍රී ලංකා මුෂ්ටි ප්‍රහාරක සංගමය විසින් සෙනසුරාදා (07) දින Royal MAS arena මුෂ්ටි ප්‍රහාරක ක්රීඩාගාරයේදී පැවැත් වූ මුෂ්ටි ප්‍රහාරක තරඟාවලියේ දී යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයින් රන් පදක්ම් 8 ක් දිනාගැනීමට සමත්විය....