09th July 2018 12:26:27 Hours
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ සංකල්පයකට අනුව එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් මෙම වසරේ අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා කලා සහ වාණිජ අංශයෙන් පෙනීසිටින සිසුන් වෙනුවෙන් ජූලි මස 3 සහ 4 දෙදින සම්මන්ත්‍රණයක් වවුනියාව, පුතුකුලම් මහා විද්‍යාලයේ දී පවත්වන ලදී.
611 වන බලසේනාව විසින් විභාග අපේක්‍ෂකයින්ගේ විෂයධාරවන් පිළිබඳ නිශ්චිත දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබු මෙම සම්මන්ත්‍රණය සඳහා කලාපයේ විවිධ පාසල් නියෝජනය කරමින් සිසුන් 175 කට අධික පිරිසක් සහභාගිවිය.
61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සි.ජේ. තිලකරත්න, 611 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්.ඩි.එස්.එස්. ලියනගේ සහ අනෙකුත් නිලධාරින්ගේ සමීප සම්බන්ධතාවය ඇතිව වවුනියාව කාලප අධ්‍යාපන කාර්යාලයේ සම්බන්ධිකරණයෙන් මෙම සම්මන්ත්‍රණ සැසියන්හිදි, ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යනය, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, භුගෝල විද්‍යාව, දමිළ සහ හින්දු සංස්කෘතිය යන විෂයධාරවන් පිළිබඳ දේශන පවත්වනු ලැබීය. තවද මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සියලුදෙනා වෙත නිබන්ධන සහ ආහාරපාන ඇතුළු සියළුම පරිපාලන අවශ්‍යතා 611 වන බලසේනා මූලස්ථානය විසින් සපයනු ලැබීය.
මෙම සම්මන්ත්‍රණය පැවැත්වීම මගින් දූෂ්කර ප්‍රදේශවල සිසුන් සහ ග්‍රාමීය ප්‍රදේශවල අඩුආදාම්ලාභි සිසුන් සඳහා ප්‍රතිලාභයක් විය.
වවුනියාව කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්‍ෂිකා සුරන්ද්‍රන් මහත්මිය, සහකාර අධ්‍යක්‍ෂිකා (උසස් අධ්‍යාපන) ජයෙතිසන් මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය මෙන්ම වවුනියාව, පුතුකුලම් විද්‍යාලයේ විදුහල්පති සහ ගුරුවරුන් මෙම සම්මන්ත්‍රණය සාර්ථක කරගැනීම සඳහා දායකත්වය දැක්වූහ.
Best jordan Sneakers | Air Max