09th July 2018 12:27:28 Hours
මොණරාගල දිස්ත්‍රික්කයේ දෙගලරඹ ප්‍රදේශයේ සෙනසුරාදා (07) දින හදිසියේ ඇතිවූ ලැව්ගින්න මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 121 වන බලසේනාවේ සේවයේ නියුතු භට පිරිස් යුහුසුළුව එම ස්ථානයට ළඟාවී ගින්න ව්‍යාප්තවීම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.
මේ පිළිබඳ සැලවීමත් සමඟ 18 වන ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් කඩිනමින් එම ස්ථානයට ළගාවී පැය දෙකක් තුලදී ගින්න ව්‍යාප්තවීම පාලනය කිරීමට සමත්විය.
මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මල් ඩයස් ගේ උපදෙස් මත නිලධාරියෙක් සහ සෙසුනිලයින් 25 දෙනෙකුගෙන් සමන්විත භට පිරිස් කණ්ඩායමක් ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කල අතර 121 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් ද මෙම ස්ථානය වෙත පැමිණ සිටියහ.
latest Nike Sneakers | Sneakers