09th July 2018 11:03:36 Hours
විජයබාහු පාබල රෙජිමේන්තු අන්තර් බළඇණි මළල ක්‍රීඩා උළෙල - 2018 ජූලි මස 03 දින සිට 5 දින දක්වා බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය.
මෙම මළල ක්‍රීඩා උළෙලේ සමාරම්භය ජූලි මස 3 දින ඕලිම්පික් පහන දැල්වීමේන් අනතුරුව ප්‍රකාශයට පත් කරන ලදි. එදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්. ආරියසිංහ සහභාගි විය.
තෙදිනක් පුරා පැවැති මෙම ක්‍රීඩා උළෙල සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් බළඇණි 25 ක් නියෝජනය කරමින් මළල ක්‍රීඩකයින් 430 කට වැඩි පිරිසක් සහභාගි වූහ.
මෙම මළල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ජූලි මස 05 දින විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම ක්‍රීඩා උළෙලේ ප්‍රථම ස්ථානය 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් හිමිකරගත් අතර දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවට සහ 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවට හිමිවිය.
ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමු අතර, මළල ක්‍රීඩා උළෙලේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල එන්.ඒ.ආර්. කරුණාතිලක තේරිපත්වන ලදී.
Nike air jordan Sneakers | Footwear