Header

Sri Lanka Army

Defender of the Nation

09th July 2018 12:16:07 Hours

‘රූපලාවන්‍ය’ වැඩමුළුව කිලිනොච්චි තරුණියන්ගේ සිත් ඇඳගනි

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත කිලිනොච්චි ප්‍රදේශයේ පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාවන් ඇතුළු තරුණියන් 400 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් සෙනසුරාදා (07) දින ඉරණමඩු නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී ‘රූපලාවන්‍ය’ වැඩමුළුවක් පවත්වනු ලැබීය.

57 වන සේනාංකයේ ආරාධනයකට අනුව ප්‍රමුඛපෙලේ ආයතනයක් වන ඕරිෆ්ලේම් (‘Oriflame’) ආයතනය මගින් රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කරන ආලේපන සහ සුවඳ විලවුන් පිළිබඳ පළමු වරට එම ප්‍රදේශයට හඳුන්වාදෙන ලදි. මෙම වැඩමුළුව පැවැත්වීම පිළිබඳව සහභාගිවුවන් සතුටට පත්වූ අතර රූපලාවන්‍ය පිළිබඳ උනන්දුවක් දැක්වූ බොහෝ පිරිසකට එම අවස්ථාව නැවුම් අත්දැකීමක් විය.

මෙම වැඩමුළුව සාර්ථකව පැවැත්වීම සඳහා 57 වන සේනාංකයේ කාන්තා නිලධාරීණියන් ද සිය දායකත්වය දැක්විය.

Nike footwear | Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp