Header

Sri Lanka Army

Defender of the Nation

06th July 2018 18:56:21 Hours

යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයින් තරඟ ඉසව් 10 න් රන් පදක්කම් 8 ක් දිනාගනි

ශ්‍රී ලංකා මුෂ්ටි ප්‍රහාරක සංගමය විසින් සෙනසුරාදා (07) දින Royal MAS arena මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩාගාරයේදී පැවැත් වූ මුෂ්ටි ප්‍රහාරක තරඟාවලියේ දී යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයින් රන් පදක්ම් 8 ක් දිනාගැනීමට සමත්විය.

යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයින් දක්‍ෂ ලෙස ක්‍රීඩා කල අතර ප්‍රතිවාදීන් ලෙස MAS slim line ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය තරඟ වැදුණි.

තරඟ ඉසව් 10 කින් සමන්විත වූ තරඟාවලියේ සමස්ථ ශූරතාවය හිමිකරගැනීමට රන් පදක්කම් 8 ක් දිනාගනිමින් යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයින් සමත් විය.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මෙන්ම යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරක කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්, මෙම ජයග්‍රාහණය ලබාගැනීම සඳහා පසුගිය මාස කිහිපය තුල ඔවුනට අවශ්‍ය සහයෝගය ලබාදෙනු ලැබීය.

තරඟාවලියේ රන් පදක්කම්ලාභින් පහතින් දැක්වේ;

සැරයන් ආර්.එම්.පි.කේ.කේ රත්නායක - 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුව - කිලෝග්‍රෑම් 60 බර පන්තිය

කෝප්‍රල් ටී.එම්.එන්. සමරනායක - 22 වන විජයබාහු පාබල රෙජිමේන්තුව - කිලෝග්‍රෑම් 69 බර පන්තිය

ලාන්ස් කෝප්‍රල් කේ.ඒ.එස්.කේ. අබේගුණවර්ධන - 3 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව - කිලෝග්‍රෑම් 52 බර පන්තිය

ලාන්ස් කෝප්‍රල් බී.ඒ.එල් සඳරුවන් කුමාර - 2 වන ඉංජිනේරු සේවා බලකාය - කිලෝග්‍රෑම් 56 බර පන්තිය

ලාන්ස් කෝප්‍රල් ඒ.ඩි.ආර්. අබේසිංහ - 16 වන ගජබා රෙජිමේන්තුව - කිලෝග්‍රෑම් 91 බර පන්තිය

සාමාන්‍ය සෙබළ ඊ.ජි.එම්.එම්. ජයවීර - 4 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව - කිලෝග්‍රෑම් 64 බර පන්තිය

සාමාන්‍ය සෙබළ බී.ජි.කේ.එස්. මදුරසිංහ - 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - කිලෝග්‍රෑම් 91 බර පන්තිය

සාමාන්‍ය සෙබළ වී. නිකලස් - 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය - කිලෝග්‍රෑම් 81 බර පන්තිය

තරඟාවලියේ රිදී පදක්කම්ලාභින් පහතින් දැක්වේ;

ලාන්ස් කෝප්‍රල් යු.ආර්.එන්.කේ රාජපක්‍ෂ 3 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව - කිලෝග්‍රෑම් 56 බර පන්තිය

ලාන්ස් කෝප්‍රල් එන්.පී.ජි. සංජිව නුවන් - 8 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය - කිලෝග්‍රෑම් 49 බර පන්තිය

ලාන්ස් කෝප්‍රල් පී.ඒ.ආර්.එස්. රුපසිංහ - 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුව - කිලෝග්‍රෑම් 75 බර පන්තිය

ලාන්ස් බොම්බඩි එම්.එම්.උදය කුමාර - 14 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව - කිලෝග්‍රෑම් 52 බර පන්තිය

කාන්තා සෙබළ ටී.එස්. නිමන්දි - කිලෝග්‍රෑම් 57 බර පන්තිය

තරඟාවලියේ ලෝකඩ පදක්කම්ලාභින් පහතින් දැක්වේ;

කෝප්‍රල් එන්. නදික කුමාර - 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුව - කිලෝග්‍රෑම් 49 බර පන්තිය

ලාන්ස් කෝප්‍රල් ජි.පි.ඩි.කේ. සමීර - 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය - කිලෝග්‍රෑම් 64 බර පන්තිය

ලාන්ස් කෝප්‍රල් ජි.ඒ.ඩි. සම්පත් - 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව - කිලෝග්‍රෑම් 75 බර පන්තිය

සාමාන්‍ය සෙබළ ඩි.එම්.එම්. දිසානායක - ශ්‍රී ලංකා පාබල හමුදාව - කිලෝග්‍රෑම් 56 බර පන්තිය

සාමාන්‍ය සෙබළ එල්.එම්. ගුණතිලක - 10 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව - කිලෝග්‍රෑම් 81 බර පන්තිය

Authentic Sneakers | FASHION NEWS