Header

Sri Lanka Army

Defender of the Nation

09th July 2018 10:52:29 Hours

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සංවිධානයෙන් එහි සෙබළුන්ගේ නව නිපැයුම් ප්‍රදර්ශනයක්

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නව නිර්මාණ සහ කුසලතා විදහා දැක්වීම වෙනුවෙන් බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් නිර්මාණය කළ නව නිපැයුම් ඇතුලත් ප්‍රදර්ශනයක් එම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත සිකුරාදා (06) දින බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී පවත්වන ලදි.

නව නිපැයුම් 21 ක් ඇතුලත් මෙම ප්‍රදර්ශනය, ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා විවෘත කරනු ලැබීය.

මෙම නව නිපයුම් ප්‍රදර්ශනය බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ තාක්‍ෂණික හා නිර්මාණත්මක කුසලතාවන් එළිදැක්විම සඳහා දුර්ලභ අවස්ථාවක් විය.

මෙම නව නිපයුම් ප්‍රදර්ශනයේ ජයග්‍රාහකයින් තෝරාගැනීම පර්යේෂණ විශ්ලේෂණ යෝජනා හා සංවර්ධන ශාඛාවේ සහකාර අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩි.ආර් ධර්මසිරි, විද්‍යා තාක්‍ෂණ හා නව නිපැයුම් සම්බන්ධිකරණ ලේකම් ශාඛාවේ රංජන් ජෝශප් මහතා සහ කාර්මික තාක්‍ෂණ ආයතනයේ ඒ.ඒ.එම්.ටි අධිකාරි මහතා විසින් සිදු කරන ලදි.

නව නිපයුම් ප්‍රදර්ශනයේ ජයග්‍රාහකයින් පහතින් දැක්වේ:

ප්‍රථම ස්ථානය - පොලිතින් මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කල සැරයන් එච්.පි.එස්. මහානාම - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය

දෙවන ස්ථානය - බිත්තර රැක්කවීමේ යන්ත්‍රය නිර්මාණ කල කෝප්‍රල් කේ.කේ.එම්. පුෂ්ප කුමාර - 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය

තෙවන ස්ථානය - බ්ලුටුත් මගින් ක්‍රියාත්මක වන යන්ත්‍රය නිර්මාණය කල රයිෆල් සෙබල ජි.ආර්.එස්.එම්.බි. සෙනෙවිරත්න - 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

සිව්වන ස්ථානය - විදුලිය නොමැතිව පහසුවෙන් ක්‍රියාකල හැකි ජල පොම්පය නිර්මාණය කල කෝප්‍රල් ඩබ්ලිව්.බි.එම්.පි.බි. වික්‍රමරසිංහ - 16 වන ගජබා රෙජිමේන්තුව

පස්වන ස්ථානය - අධි ආරක්‍ෂිත නිවස නිර්මාණය කල ලාන්ස් කෝප්‍රල් එස්.ඩි.එස් සුගන්ද - 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය

Adidas shoes | UOMO, SCARPE