2018-07-16 11:50:56
නව පාබල අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ජූලි මස 12 සහ 13 දිනයන්හි උතුරේ සිදු කල සංචාරයක් අතරතුර පාබල බලඇණි පුහුණු පාසල් 5 ක නිරීක්ෂණ සංචාරයක නිරතවිය.
2018-07-16 11:41:56
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 121 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් සෙනසුරාදා (14) දින මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන ප්‍රදේශයේ මුකුලාර කන්දේ ඇතිවු හදිසි ගින්නක් පිළිබඳ සැලවු වාහම යුහුසුළුව ක්‍රියාත්මකවී එම ස්ථානට පැමිණ පැය කිහිපයක් තුල ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.
2018-07-14 23:21:52
මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන ප්‍රදේශයේ ස්ථානගත 121 වන බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා නවතමයෙන් ඉදිකරනු ලැබු කොමිෂන් නොලත් නිලධාරි සමාජ ශාලාව, සෙසුනිල භෝජනාගාරය සහ භට නිවාසය.....
2018-07-14 22:28:50
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය, සිංහ සමාජය සමඟ සම්බන්ධිකරණයෙන් අඟහරුවාදා (10) දින අක්ෂි රෝග සායනයක් පවත්වනු ලැබීය. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මඟපෙන්වීම මත සංවිධානය කරනු ලැබු මෙම අක්ෂි සායනය සඳහා එම ආරක්ෂක සේනා මූලස්ථානය.....
2018-07-14 21:19:01
හදිසි අවස්ථාවන් සහ වෙනත් ආරක්ෂක කටයුතු සඳහා ගනු ලබන හදිසි ආරක්ෂක පියවර පිළිබඳ සාකච්ඡා කිරීමේ සම්බන්ධීකරණ සමුළුවක් කොහුවල ප්‍රදේශයේ ස්ථානගත 142 වන බලසේනා මූලස්ථානයේ දී පසුගිය සතියේ ආරම්භ විය.
2018-07-14 20:19:01
ආරක්ෂක සේවා වෝටර් පොලෝ තරඟාවලිය, සිකුරාදා (13) දින රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා පිහිනුම් තටාක සංකීර්ණයේ දී පැවැති අතර, එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 7 ක් (පිරිමි අංශයෙන් - 5 ක් සහ කාන්තා අංශයෙන් - 2 ක්) දිනාගනීමින් තරඟාවලියේ අනුශුරතාවය හිමි කරගත්හ.
2018-07-13 12:11:01
පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුබසාධක සංගමය විසින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන සඳහා 143 වන බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 58 කට වැඩි පිරිසක් සහභාගි විය. මෙම ලේ දන්දීමේ වැඩසටහන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති අතර, එහිදි විශාල පිරිසක්....
2018-07-13 11:10:06
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් දියත් කරනු ලැබු ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 581, 582 සහ 583 වන බලසේනාවන්හී 6 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණිය, 5 වන ශ්‍රී ලංකා පොදු සේවා බලකාය සහ 9 වන ගැමුණු හේවා බලකයට අයත්.....
2018-07-13 11:00:06
යුද්ධ හමුදා මූලස්ථානයේ තත්ත්ව ආරක්ෂ්ණ හා පිරික්සුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් අධ්යක්ෂ මණ්ඩල, ශාඛා, සේනාංක, බලසේනා සහ රෙජිමේන්තු මුලස්ථානයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් කණ්ඩායමක් වෙත ‘ප්රමිතිකර හා පිරිවිතර’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි.
2018-07-12 23:24:47
බදාදා (11) දින අලුයම කාලයේ දී හමාගිය තද සුළං සහ වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස රැසක් හානියට පත් වූ අතර, පසු දින (12) බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 142 වන බලසේනාවේ 90 කට වැඩි භට පිරිසක් එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නන්දන දුණුවිල ගේ මඟපෙන්විම යටතේ මීගොඩ, මංචිවත්ත ප්‍රදේශයන්හි හානියට පත් නිවාස පිළිසකර කිරීම කටයුතුවල නිරත විය.