Header

Sri Lanka Army

Defender of the Nation

14th July 2018 22:28:50 Hours

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය දෘෂ්‍යාභාධිත රෝගින්ට සහය

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය, සිංහ සමාජය සමඟ සම්බන්ධිකරණයෙන් අඟහරුවාදා (10) දින අක්‍ෂි රෝග සායනයක් පවත්වනු ලැබීය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මඟපෙන්වීම මත සංවිධානය කරනු ලැබු මෙම අක්‍ෂි සායනය සඳහා එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සිය පූර්ණ සහයෝගය ලබාදෙනු ලැබීය.

මෙම අක්‍ෂි සායනයේ දී දෘෂ්‍යාභාධිත සිවිල් වැසියන් 159 දෙනෙකු පරීක්‍ෂවට ලක් කල අතර එහිදි තෝරාගත් සිවිල් වැසියන් 20 දෙනෙකු පළමු අදියර යටතේ සැත්කම් සඳහා සිංහ ගොල්ඩන් ජුබිලි අක්‍ෂි රෝහල (Lions’ Golden Jubilee Eye Hospital) වෙත රැගෙන යන ලදි.

මෙම අක්‍ෂි සායනය සඳහා සහභාගි වූ සියලුදෙනා වෙත යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ගමනාගමන, ආහාරපාන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් රැසක් සපයනු ලැබීය. Adidas shoes | jordan Release Dates