Header

Sri Lanka Army

Defender of the Nation

16th July 2018 11:41:56 Hours

මුකුලාර කන්දේ ඇතිවූ හදිසි ගින්නක් මැඩපවත්වයි

මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 121 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් සෙනසුරාදා (14) දින මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන ප්‍රදේශයේ මුකුලාර කන්දේ ඇතිවු හදිසි ගින්නක් පිළිබඳ සැලවු වාහම යුහුසුළුව ක්‍රියාත්මකවී එම ස්ථානට පැමිණ පැය කිහිපයක් තුල ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මල් ඩයස් සහ 121 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත නිලධාරියෙකු සහ සෙසුනිලයින් 25 දෙනෙකුගෙන් සමන්විත භට පිරිස් කණ්ඩායමක් යුහුසුළුව ක්‍රියාත්මකවී ගින්න මැඩපැවැත්වීමට සමත් විය. Best jordan Sneakers | Women's Designer Sneakers - Luxury Shopping