14th July 2018 23:21:52 Hours
මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන ප්‍රදේශයේ ස්ථානගත 121 වන බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා නවතමයෙන් ඉදිකරනු ලැබු කොමිෂන් නොලත් නිලධාරි සමාජ ශාලාව, සෙසුනිල භෝජනාගාරය සහ භට නිවාසය බ්‍රහස්පතින්දා (12) දින විවෘත කරනු ලැබීය.
121 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නලීන් කොස්වත්ත ගේ ආරාධනයකට අනුව, මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චි ගේ සුරතින් නව ගොඩනැගිලි විවෘත කරන ලදි.
රුපියල් මිලියන 6.2 ක පමණ වටිනාකමින් යුත් මෙම ගොඩනැගිලි, 121 වන බලසේනාවේ සේවයේ නියුතු භට පිරිස්හි ශ්‍රාමදායකත්වයෙන් ඉදිකරනු ලැබීය. Authentic Sneakers | Womens Shoes Footwear & Shoes Online