Header

Sri Lanka Army

Defender of the Nation

13th July 2018 12:11:01 Hours

පුත්තලමේ දී ලේ දන්දීමේ වැඩසටහනක්

පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුබසාධක සංගමය විසින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන සඳහා 143 වන බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 58 කට වැඩි පිරිසක් සහභාගි විය.

මෙම ලේ දන්දීමේ වැඩසටහන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති අතර, එහිදි විශාල පිරිසක් ලේ පරිත්‍යාග කරනු ලැබීය. මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ මඟපෙන්විම යටතේ 14 වන සේනාංකය සහ 143 වන බලසේනාව මේ සඳහා දායකත්වය දැක්වූහ.Adidas footwear | Nike Off-White