Header

Sri Lanka Army

Defender of the Nation

12th July 2018 23:24:47 Hours

සුළි සුළං බලපෑමෙන් හානියට පත් නිවාස අලුත්වැඩියා කිරීම සඳහා යුද්ධ හමුදා භට පිරිස් හි සහාය

බදාදා (11) දින අලුයම කාලයේ දී හමාගිය තද සුළං සහ වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස රැසක් හානියට පත් වූ අතර, පසු දින (12) බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 142 වන බලසේනාවේ 90 කට වැඩි භට පිරිසක් එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නන්දන දුණුවිල ගේ මඟපෙන්විම යටතේ මීගොඩ, මංචිවත්ත ප්‍රදේශයන්හි හානියට පත් නිවාස පිළිසකර කිරීම කටයුතුවල නිරත විය.

ප්‍රවාහන පහසුකම් සහ ගමනාගමන පහසුකම් අඩාල කරමින් වැටි තිබූ ගස්, අතුරිකිලි ආදිය භට පිරිස් විසින් ඉවත් කරමින් ප්‍රදේශයේ ජන ජීවිතය යථාතත්වයට පත් කරනු ලැබීය.

බ්‍රහස්පතින්දා (12) දින භට පිරිස් විසින් එම නිවාසයන්හි වහල අලුත්වැඩියා කර පිළිසකර කිරීමේ කටයුතු සිදු කළ අතර, ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් සහ ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස් මේ සඳහා ස්වේච්ඡාවෙන්ම දායක විය.bridge media | Nike Shoes