2018-09-06 09:13:13
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත පාසල් පරිශ්‍රයන්හි ඩෙංගු මර්ධනය කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සැප්තැම්බර් මස 1 සහ 2 දිනයන්හිදී දියත් කරනු ලැබීය. ඒ අනුව මෙම ශ්‍රමදාන වැඩසටහන් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 300 කට අධික පිරිසකගේ සහභාගි විය.
2018-09-06 09:05:21
61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජේ තිලකරත්න ගේ මඟපෙන්වීම මත 613 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධික්ෂණය යටතේ එම බලසේනා භට පිරිස් විසින් ඉරිදා (02) දින පාසල් තෙවන වාරය ආරම්භවීමට ප්‍රථම මන්නාරම, මඩු අධ්‍යාපන කලාපයේ තච්චානමරදමඩු දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදි.
2018-09-05 10:35:35
බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලා අංක 7, බලඇණි ආධාරක අවි ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි පාඨමාලා අංක 84 සහ මිසයිල අවි පාඨමාලා අංක 51 සහ 52 සාර්ථකව හැදෑරු නිලධාරින් 15 දෙනෙකු සහ සෙසු නිලයින් 131 දෙනෙකුගේ විසිරයාමේ පෙලපාලිය සඳුදා (3) දින මින්නේරියේදී පවත්වන ලදී.
2018-09-05 10:22:51
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින්ගේ ඉංග්‍රිසි භාෂා දැනුම සහ එහි භාවිතය පිළිබඳ දැනුම වැඩි දියුණු කිරිම සඳහා වු වැඩසටහනක් මීට මාස කිහිපයකට පෙර කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ෂංක රණවන ගේ උපදෙස් මත ආරම්භ කරන ලදී.
2018-09-05 10:15:07
හම්බන්තොට දිස්ත්රිස්කයේ වීරකැටිය ප්‍රදේශයේ ගෝනදෙණිය රක්ෂිතයේ දින කිහිපයකට පෙර ඇතිවු ලැව් ගින්න මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 122 බලසේනාවේ භට පිරිස් විසින් මැඩ පවත්වන ලදී.
2018-09-05 10:10:31
පුතූර් හි මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ පාසල් බලධාරින්ගේ උපදෙස් මත හා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි ගේ අධික්ෂණය යටතේ 55 වන සේනාංකය යටතේ ස්ථාපිත 522 බලසේනාංකයට අයත් 1 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් පාසල් නිවාඩු කාලසීමාව තුල අළුත්වැඩියා කරන ලද සනිපාරක්ෂක වැසිකිළි පද්ධතිය සිසු අයිතියට පත් කිරිම සඳුදා (3) දින සිදුකරන ලදී.
2018-09-03 18:58:40
විවේකීව නිවාඩුවක් ගතකිරීම සඳහා දියතලාව ප්‍රදේශය වෙත පැමිණෙන නිලධාරීන් වෙනුවෙන් වැඩි පහසුකම් සැපයීමේ අරමුණින් දියතලාව, බෝධිකන්ද ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ පරිශ්‍රයේ පිහිටි හලංගොඩ වැව් ඉස්මත්තේ නව නිලධාරි නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාමේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග විසින් සෙනසුරාදා...
2018-09-03 18:58:40
යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් ඒ.එල්.පී.එස් තිලකරත්න අඟහරුවාදා (31) දින පැවැති උත්සවයකදී රාජකාරි අරඹනු ලැබීය. විදේශ මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ පළමු අධ්යක්ෂ ජෙනරාල් ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් එම්.එම්.එස්. පෙරේරා නුදුරේදී යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාමයාමට නියමිතව ඇති බැවින් නව විදේශ මෙහෙයුම්...
2018-09-03 18:48:50
මූලන්කාවිල් (බටහිර) ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ පිහිටි වෙබ්මලෙයි දේවස්ථානයේ වාර්ෂික උත්සවය අගෝස්තු මස 25 සහ 26 දින පැවැති අතර, 68 වන සේනාංකය යටතේ ස්ථාපිත 681 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් එම උත්සවය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙනු ලැබීය.
2018-09-03 18:10:55
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ සේවයේ නියුතු සියළුම භට පිරිස් විසින් සුහදත්වය සහ සංහිදියාව වර්ධනය කිරිමේ අරමුණින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී පුදුකුඩිඉරිප්පු, ඊනියා වල්වු ඉල්ලාම් ළමා සුරැකුම් මධ්‍යස්ථානය (Iniya Walwu Illam Child Care Centre) වෙත සෑම සෙනසුරාදා දිනකම ප්‍රධාන ආහාර වේල් 3 සඳහා දායකත්වය සපයනු ලබයි.