Header

Sri Lanka Army

Defender of the Nation

05th September 2018 10:10:31 Hours

පුතූර් හි පාසල් සංවර්ධනය සඳහා 1 වන විජයබාහු රෙජිමේන්තු භට පිරිස් හි සහාය

පුතූර් හි මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ පාසල් බලධාරින්ගේ උපදෙස් මත හා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි ගේ අධික්‍ෂණය යටතේ 55 වන සේනාංකය යටතේ ස්ථාපිත 552 බලසේනාංකයට අයත් 1 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් පාසල් නිවාඩු කාලසීමාව තුල අළුත්වැඩියා කරන ලද සනිපාරක්‍ෂක වැසිකිළි පද්ධතිය සිසු අයිතියට පත් කිරිම සඳුදා (3) දින සිදුකරන ලදී.

1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ 30 වන සංවත්සරයට සමගාමිව සිදුකරන ලද මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය සඳහා කොළඹ 7, ධර්ම විජය පදනම මගින් මුල්‍ය දායකත්වය දරන ලදී. මෙම සිසු අයිතියට පත් කිරිමේ උත්සවය සඳහා 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ධම්මික ජයරත්න, කෝපායි අධ්‍යාපන අධ්‍යක්‍ෂක සහ මෙම පාසලේ විදුහල්පතිතුමන් එක්විය. latest jordan Sneakers | Nike