Header

Sri Lanka Army

Defender of the Nation

05th September 2018 10:35:35 Hours

බලඇණි ආධාරක අවි පාඨමාලාව සහ මිසයිල අවි පාඨමාලාව හැදෑරුවන් විසිර යයි

බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලා අංක 7, බලඇණි ආධාරක අවි ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි පාඨමාලා අංක 84 සහ මිසයිල අවි පාඨමාලා අංක 51 සහ 52 සාර්ථකව හැදෑරු නිලධාරින් 15 දෙනෙකු සහ සෙසු නිලයින් 131 දෙනෙකුගේ විසිරයාමේ පෙලපාලිය සඳුදා (3) දින මින්නේරියේදී පවත්වන ලදී.

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා ගේ ආරාධනාවකට අනුව මෙම විසිරයාමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ එක්වු අතර පාඨමාලාව හැදෑරූවන්ට සහතික පත් ප්‍රදානය කිරිම ද මෙහිදි සිදුවිය.

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අනෙකුත් ආරාධිතයින් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.Best Authentic Sneakers | Air Jordan