Header

Sri Lanka Army

Defender of the Nation

05th September 2018 10:22:51 Hours

කිලිනොච්චි භට පිරිස් ඉංග්‍රීසි භාෂාව සහ එහි භාවිතය පිළිබඳ දැනුවත් වේ

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින්ගේ ඉංග්‍රිසි භාෂා දැනුම සහ එහි භාවිතය පිළිබඳ දැනුම වැඩි දියුණු කිරිම සඳහා වු වැඩසටහනක් මීට මාස කිහිපයකට පෙර කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ෂංක රණවන ගේ උපදෙස් මත ආරම්භ කරන ලදී.

මෙම පාඨමාලාවන් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මෙන්ම හිටපු අධ්‍යක්‍ෂ පුහුණු ජෙනරාල් මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය විසින් සංවිධානය කරන ලදී. මෙම පාඨමාලාවේ පළමු අදියර අගෝස්තු මස 17 වන දින ඇරඹි අතර දෙවන අදියර කිලිනොච්චි ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි උපදේශීකාවක් වන මනෝරන්ජනි මනෝහරන් මහත්මියගේ උපදේශකත්වයෙන් අගෝස්තු 27 සිට 31 දක්වා කාලය තුළදී ආරම්භ විය. මෙම වැඩසටහන කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් විධිමත් සැලැස්මකට අනුව පවත්වාගෙන යාමට අපේක්ෂා කරයි. Running Sneakers Store | adidas Yeezy Boost 350