Header

Sri Lanka Army

Defender of the Nation

03rd September 2018 18:58:40 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරින් සඳහා නව නිවාඩු නිකේතනයක් ඉදිකිරීමට මූල්ගල තබයි

විවේකීව නිවාඩුවක් ගතකිරීම සඳහා දියතලාව ප්‍රදේශය වෙත පැමිණෙන නිලධාරීන් වෙනුවෙන් වැඩි පහසුකම් සැපයීමේ අරමුණින් දියතලාව, බෝධිකන්ද ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ පරිශ්‍රයේ පිහිටි හලංගොඩ වැව් ඉස්මත්තේ නව නිලධාරි නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාමේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග විසින් සෙනසුරාදා (25) දින සුභ මොහොතින් මුල්ගල තබන ලදී.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක විසින් පළමු පස් පිඩැල්ල කැපීමෙන් අනතුරුව ඉදිකිරීම් කටයුතු ආරම්භ විය. තවද 2019 වර්ෂයේ මූල්භාගයේ දී මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.එම්. කීත්සිරි, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ තවත් නිලධාරින් පිරිසක් එක්ව සිටියහ. Best Sneakers | Nike Shoes, Sneakers & Accessories