Header

Sri Lanka Army

Defender of the Nation

06th September 2018 09:13:13 Hours

නව පාසල්වාරයට පෙර මධ්‍යම හා කිලිනොච්චි භට පිරිස් පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත පාසල් පරිශ්‍රයන්හි ඩෙංගු මර්ධනය කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සැප්තැම්බර් මස 1 සහ 2 දිනයන්හිදී දියත් කරනු ලැබීය. ඒ අනුව මෙම ශ්‍රමදාන වැඩසටහන් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 300 කට අධික පිරිසකගේ සහභාගි විය.

මීට අමතරව, 653 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 21 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් සඳුදා (03) දින කිලිනොච්චි මයිලවාහනම් ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කළහ.

මෙම ශ්‍රමදාන වැඩසටහන 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම ගේ උපදෙස් මත 653 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රොබීන් ජයසුරිය ගේ මඟපෙන්වීමෙන් 65 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරියෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 30 දෙනෙකුගේ සහභාගිත්වයෙන් දියත් කරනු ලැබීය. best Running shoes | Nike Off-White