Header

Sri Lanka Army

Defender of the Nation

03rd September 2018 18:48:50 Hours

වෙබ්මලෙයි දේවස්ථාන උත්සවය සඳහා 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහාය

මූලන්කාවිල් (බටහිර) ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ පිහිටි වෙබ්මලෙයි දේවස්ථානයේ වාර්ෂික උත්සවය අගෝස්තු මස 25 සහ 26 දින පැවැති අතර, 68 වන සේනාංකය යටතේ ස්ථාපිත 681 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් එම උත්සවය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙනු ලැබීය.

681 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ පැවැත් වූ මෙම වැඩසටහනේ දී උත්සවය සඳහා සහභාගි වූ බැතිමතුන් හට නවැතැන් ගැනීම සඳහා තාවකාලික කුඩාරම් ඉදිකිරීම, ආහාරපාන සහ පානීය ජල පහසුකම් සැපයීම ද යුද්ධ හමුදා භට පිරිස් විසින් සිදුකෙරිණි. short url link | jordan Release Dates