2024-08-28 15:50:40
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩියු, පසුගිය අගෝස්තු 22 සහ 23 යන දිනවල 3 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය.
2024-08-28 15:48:48
දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අවම මට්ටමේ පහසුකම් යටතේ ජිවත්වන පුද්ගලයින් සඳහා 14 පාබල සේනාංකයේ භට පිරිස් විසින් 2024 අගෝස්තු 19 වන දින ආහාර ඇසුරුම් 150 ක් බෙදා දෙන ලදී. 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක යූඑස්පී ගේ උපදෙස් අනුව මෙම වැඩසටහන දියත් කරන ලදී.
2024-08-28 15:47:48
241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන් පතිරත්න ආර්එස්පී යුඑස්පී ගේ මඟපෙන්වීම යටතේ 18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කල්මුණේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2024 අගෝස්තු 25 වන දින පවත්වන ලදී.
2024-08-28 15:46:39
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුලස්ථානයේ විධායක ජෙනරාල් තුමාගේ මඟපෙන්වීම යටතේ 22 පාබල සේනාංකයේ සහ එහි යටත් විධාන බලඇණිවල නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024 අගෝස්තු 26 වන දින පවත්වන ලදී.
2024-08-27 20:15:39
මේජර් ජෙනරාල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසී පීඑස්සී 17 වන ආරක්ෂක සේනා අඥාපති - බටහිර ලෙස 2024 අගෝස්තු 23 වන දින වැඩ භාරගත්තේය.
2024-08-27 20:08:40
යාපනයේ කොන්ඩාවිල් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් 14 ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ඉදිකළ නව නිවස, ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2024 අගෝස්තු 26 වන දින බෞද්ධ ආගමික ආශිර්වාද මධ්‍යයේ නිවාසලාභීන් වෙත භාරදෙන ලදී.
2024-08-27 20:01:13
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසී ගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා (වන්නි) මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අංශය විසින් නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ චිත්ත ධෛර්යය නංවාලීම සඳහා දේශන මාලාවක් 2024 අගෝස්තු 20 දින සිට 23 දින දක්වා පැවැත්විණි.
2024-08-27 19:46:55
51 වන සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ සෙල්වපුරම් සහ යෝගපුරම් ගම්මානවල ළමුන් සඳහා 2024 අගෝස්තු 26 වන දින වෛද්‍ය සායනයක් එම සේනාංක පරිශ්‍රයේ පිහිටි CIMIC උද්‍යානයේදී පවත්වන ලදී.
2024-08-27 19:44:35
8 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරී මේජර් ඊ.ඩී.එස්.කේ දෙනියාය ගේ මගපෙන්වීම යටතේ එම ඒකකයේ 17 වන සංවත්සරය ආගමික සහ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව 2024 අගෝස්තු 15 වන දින සමරනු ලැබීය.
2024-08-26 19:32:50
22 පාබල සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත වූ යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන් සඳහා නවාතැන් පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මුදල් වෙන් කරන ලදී.