Header

Sri Lanka Army

Defender of the Nation

27th August 2024 20:01:13 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (වන්නි) වෙතින් අභිප්‍රේරණ දේශන මාලාවක් පවත්වයි

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසී ගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා (වන්නි) මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අංශය විසින් නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ චිත්ත ධෛර්යය නංවාලීම සඳහා දේශන මාලාවක් 2024 අගෝස්තු 20 දින සිට 23 දින දක්වා පැවැත්විණි.

ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සහය ඇතිව මෙම වැඩසටහන පවත්වන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ.එස්. එදිරිසිංහ විසින් “යුධ ඉතිහාසය” සහ යුද්ධ හමුදා බුද්ධි බළකායේ මේජර් එම්.එච්.එම්.එස්. බණ්ඩාර විසින් “පවුල, මම සහ රැකියාව” වැනි මාතෘකා මෙම දේශන මගින් ආවරණය කරන ලදී.

මෙම වැඩසටහන සඳහා නිලධාරීන් 54 දෙනෙකු සහ සෙසු නිලයින් 897 දෙනෙකු සහභාගී වූහ.